phone: +420 776 223 443
e-mail: support@londoncreative.co.uk

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා

(කොළඹ, ලංකාපුවත්) ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා ගමන් කිරීම හේතුවෙන් අක්‍ෂි ආබාධ ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය සිසිර ලියනගේ මහතා ලංකාපුවත් වෙත පැවසීය.

මේ අනුව ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා ගමන් කරන විටද පතිතවන දැඩි සූර්යය කිරණවලින් ආරක්‍ෂාවීමට නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන ලද අව්කණ්ණාඩි පළඳින ලෙස ඒ මහතා ජනතාවට ඉල්ලීමක් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඇසේ සුද ඇති වීම මෙන්ම ඇසේ දෘෂ්ඨි පටලයට හානි සිදුවිය හැකි නිසා දීර්ඝකාලින අන්ධභාවයට පත්වීමටද ඉඩ ඇති බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔයා දැනුම හොයන්න ගි හෙම්බත් වුන කෙනෙක් ද?නැත්තම් ඔයා ආස කරන subject එක කරන්න බැරුව එස්කෝලෙ හරි අම්මලා හරි කැමති subject එක කරන්න වුන කෙනෙක්ද්?
ඔයා මොනවද හිතන්නෙ අපේ රටේ ( ශ්‍රී ලංකාවේ )දැනුම දෙන තැන් ගැන? සතුටක් දැනෙනව ද...? නෑ නෙ? ඒක තමා ඇත්ත.එස්කෝලෙ"සා.පෙ" න් පස්සෙ එස්කෝලෙ යන වැඩි හරියක් තමන් ආස කරන විෂය කරන්න බැරුව වෙන අයට ඕන විෂයන් කරලා ඒ3 ක් දාන්න යන කට්ටිය තමා වැඩි හරියක් ඉන්නෙ ඒක තමා ඇත්ත..
ඒක කාගෙ වැරැද්දක් ද කියන්න මං දන්නෙ නෑ..එත් එහෙම කරල වැඩක් නෑ කියලා තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි.
අපේ රටේ උසස් අධ්‍යාපනය ගොඩක් හොඳයි තමා..ඒක ඇත්ත..අවු:11-13 ක් නිකන් උගන්නනවා කියන්නෙ ඇත්තටම් ගොඩක් ලොකු දෙයක්.අපි හැමෝම ඒකට ගරු කරන්න ඕන!නමුත් ඒක ක්‍රියාත්මක වෙන විදියෙ පොඩි අවුලක් තියෙනවගෙ දැනෙනවා නෙ...?බලන්න දැන් මොන්ටි සෝරි යන බබාල ඉගෙන ගන්නෙ මොනවද කියල..,සෙල්ලම් බත් උයන්න ද?නැත්තම් තොප්පි වෙළෙන්දගෙ කතාව ද්?
නැත්තම් කපුටා සහ කේජු කෑල්ල ද?පිස්සු ද අනේ මේවා කියල දෙන මොන්ටි සෝරි කොහේවත් නෑ..
හරි කමක් නෑ කියමුකො..ඔන්න දැන් 1 වසරටත් ගියා..ගිය දවසෙ ඉදන්ම අමතර පන්ති යන්න ඕන.. දන්නවනෙ මොකටද කියල?අර පහේ ශිෂ්‍යත්වෙට තමා ඉතින්..!පිස්සු වගේ නේ..!සෙල්ලම් කරන්නත් නෑ,හරියකට කන්නත් නෑ බොන්නත් නෑ..මළ වදයක් වගේ ළමයින්ට..පොඩි කාලෙ ඉදන්ම.හැමෝම තරෙගට දුවනවා ඉවරයක් නෑ..5 වසරින් පස්සෙ නිකන් ඉන්න පුලුවන් ද?සෙල්ලම් කරන්න පුලුවන්ද?බෑනෙ..!ඊට පස්සෙ ඉතින් "සා.පෙ"ට දුවන්න ඕන..A9ක් දැම්මෙ නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ වගෙ..A9ක් දා ගත්තොත් ඉතින් රජෙක් වගේ තමා
හරි ඒකත් කමක් නෑ කියමුකො ,ඊට පස්සෙවත් අපිට කැමති දේ කරන්න පුලුවන්ද?ඒත් බෑනෙ අනේ.. මේකනම් මළ වදයක්.. සමහරු කැමති චිත්‍ර අඳින්න,තවත් අය කැමති නටන්න,තවත් අය කැමති ක්‍රීඩා කරන්න,තවත් අය ඉලෙක්ට්‍රොනික් වලට,තවත් අය තොරතුරු තාක්ශණයට...ඒත් අපි ආස කරන කිසිම දෙයක් කරන්න අපිට බෑ..!දැන් පේනවනෙ නිකන් දුන්නත් දිරව්න්නෙ නෑ කියල..(මං එහෙම කිව්වට මේක දිරවන අයත් ඉන්නවා,ඒ අය තමා පොත් ගුල්ලො ,නව අදහස් නැති,හිතන්න බැරි පොතේ තියන දේම කට පාඩම් කරන අය )
මටනම් මේ කටපාඩම් අධ්‍යපනයනම් දිරවන්නෙම නෑ..අපිට කැමති දෙයක් කරන්න බෑ අපේ රටේ නව නිර්මාණ කරන්න පුලුවන් අය කොච්චර ඉන්නවද..,නමුත් ඒ අය එලියට එනවද..,නෑනෙ!මොකද ඒ ගොල්ලොත් මේ අධ්‍යපනය ඇතුලෙ හිරවෙලා.හිතනවද,අපේ රටත් ලෝකෙත් එක්ක ඉස්සරහට යනව කියල?බම්බුව තමා ඉතින්!එක හොඳ උදාහරණයක් දෙන්නම්,දැන් හැම එස්කෝලෙකම තියෙනවා කියනවානෙ computer lab 10 වසර ඉදන් උගන්නනවා තොරතුරු තාක්ශණය,එකෙදි උගන්නනවා programming language..දැන් තියෙන හොඳමprogramming language එකතමා Java කියන්නෙ ඒක තමා ලෝකෙ අංක එකේ භාෂාව.නමුත් එස්කෝලවල උගන්නනෙ මොකක් ද? C#,Python දන්නවද මේ programming language දෙකම ලෝකෙ තියෙන්නෙ අංක 07,08..අනික දැන් මේවා භාවිතා වෙන්නෙ හරිම අඩුවෙන්.ඉතින් එකපාරම Java කලානම් මොකද වෙන්නෙ..?අපි Java කරන කොට තව කීයක් දේවල් එයිද.බොරුනම් මෙකට ගිහින් බලන්නhttp//www.tobe.com/index.php/content/paperinfo/tpci/index.html .අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නෙ තොරතුරු තාක්ශණය පැත්තෙන්.ඒ කත් එක්ක නොගියොත් අපි අන්තිම...!අපේ රටේ තොරතුරු තාක්ශණ ගොඩක් දුර්වලයි...!නමුත් තොරතුරු තාක්ශණය උගන්වන ගොඩක් හොඳ තැන් අතලොස්සක් තියෙනවා.
දැන්මේක ඇති,නැත්තම් මේක එපාවෙයි.
තොරතුරු තාක්ශණය ගැන උණක් තියෙනවනම් නොවැම්බර් 19,20,21 ලේක් හවුස් එක ඉස්සරහා SLECC එකට එන්න..ඇවිත් බලන්න
මාත් එනවා...