phone: +420 776 223 443
e-mail: support@londoncreative.co.uk

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා

(කොළඹ, ලංකාපුවත්) ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා ගමන් කිරීම හේතුවෙන් අක්‍ෂි ආබාධ ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය සිසිර ලියනගේ මහතා ලංකාපුවත් වෙත පැවසීය.

මේ අනුව ශ්‍රී ලංකාවට ආසන්නයෙන් සූර්යයා ගමන් කරන විටද පතිතවන දැඩි සූර්යය කිරණවලින් ආරක්‍ෂාවීමට නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන ලද අව්කණ්ණාඩි පළඳින ලෙස ඒ මහතා ජනතාවට ඉල්ලීමක් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඇසේ සුද ඇති වීම මෙන්ම ඇසේ දෘෂ්ඨි පටලයට හානි සිදුවිය හැකි නිසා දීර්ඝකාලින අන්ධභාවයට පත්වීමටද ඉඩ ඇති බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.